
2026 වසරේ පළමු මාස අට තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මත අය කළ බදු ආදායම, 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 65.3කින් ඉහළ ගොස් රුපියල් බිලියන 9.9ක් දක්වා වර්ධනය වී තිබේ.
2027 වසරට අදාළව නිකුත් කර ඇති අයවැය, ආර්ථික හා මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ මේ බව සඳහන් වේ.
2025 වසරේ පළමු මාස අට තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු ක්‍රීඩා මත අය කළ බදු ආදායම රුපියල් බිලියන 6.0ක් ලෙස වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත්, කොටස් ගනුදෙනු බද්දෙන් ලැබූ ආදායම එම කාලසීමාව තුළ පහත වැටී ඇති බවද වාර්තාව පෙන්වා දෙයි. ඒ අනුව, 2025 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 4.6ක් වූ එම බදු ආදායම 2026 වසරේ පළමු මාස අට තුළ රුපියල් බිලියන 3.8ක් දක්වා අඩු වී තිබේ.
විදේශීය ආර්ථික කම්පන හේතුවෙන් කොටස් ගනුදෙනුවල වටිනාකම සහ පරිමාව විචලනය වීම මෙම පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.




