
අල්ලස් කොමිසම මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිඳු නිල දැනුම් දීමක් හෝ නොතීසියක් එවා නැතැයි ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
යම් සිද්ධියකට කැඳවීමක් කරන්නේ නම් ඊට අදාළ පුද්ගලයාට දැනුම් දීම වෙනුවට තම හිතවත් මාධ්‍ය වෙත දැනුම් දීමට කටයුතු කරන බවත් ඒ මඟින්ම එහි ඇති අරුත පැහැදිලිව පෙන්නුම් කරන බවත් මනෝජ් ගමගේ සඳහන් කරයි.
තවද රාජපක්ෂ පාර්ශ්වය මෙවැනි දේශපාලන කටයුතු වලට බිය නොවන බවත් අවශ්‍ය අවස්ථාවලදී නීත්‍යානුකූලව ඒ සඳහා ප්‍රතිචාර දක්වන බවද මනෝජ් ගමගේ සඳහන් කරයි.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට පැමිණෙන ලෙස තමන්ටද කිසිදු දැනුම් දීමක් කර නොමැති බව හිටපු ඇමැති පියංකර ජයරත්නද සඳහන් කරයි.




