
ස්කයි නිව්ස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කියා සිටියේ සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික තාක්ෂණය භාවිත කිරීමට ඉරානයට අයිතියක් ඇති බවයි.
“සාමකාමී අරමුණු සඳහා න්‍යෂ්ටික බලය භාවිත කිරීමට ඉරානයට අයිතියක් ඇතැයි අපි විශ්වාස කරමු. අතීතයේදී මෙන්ම, මෙම ක්ෂේත්රය සඳහා අවශ්‍ය සහාය ලබා දීමට අපි සූදානම්” පුටින් පැවසීය.
න්‍යෂ්ටික අවි ව්‍යාප්තියට රුසියාව විරුද්ධ බවද පුටින් පැවසීය.
පසුගිය සතියේ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කළ අතර, එම රටේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීම් නිකුත් කළේය. ටෙහෙරානය න්‍යෂ්ටික අවි ලබා ගැනීමේ ක්රියාදාමයේ තීරණාත්මක සීමාවකට වේගයෙන් ළඟා වෙමින් සිටින බවත්, එය වැලැක්වීම සඳහා මෙම ප්‍රහාර අත්‍යවශ්‍ය බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා පමණක් බව අවධාරණය කරන ඉරානය, ඊශ්‍රායලයට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.







