
රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී (ජන – අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 1624.7 දක්වා සියයට 7.3කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

2025 වර්ෂයේ මුල් මාස හතරේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1751.8කි. 2025 වර්ෂයේ මුල් මාස හතරට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී ඇඟලුම් අපනයන ආදායම සියයට 7.3කින් පහත වැටී ඇත.
කෙසේ වුවද මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 348 ක් වන අතර 2025 වර්ෂයේ අප්‍රේල් මාසයේ දී රෙදිපිළි ඇඟලුම් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 365.3කි.
ඒ අනුව මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේදීත් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම සියයට 4.7කින් පහත වැටී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.




