
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාට අද (10) උදෑසන 9.30ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.




