
දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ප්රහාරය එල්ල වී ඇති බවයි.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ දෙහිවල ප්රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.
තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ.
මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
ප්රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, ප්රහාරය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.




