
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, ඔහුගේ ඉල්ලා අස්වීම ඊයේ (14) සිට බලාත්මක වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇත.
එමෙන්ම, මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවී තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ.




