
නැවත වරක් රටේ පාලන බලය භාරගැනීමට තමන්ට අභිලාෂයක් නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
තරුණ පිරිසක් හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, සෑම අවස්ථාවකම බලය අත්පත් කර ගැනීම වෙනුවට විපක්ෂයේ සිට දේශපාලන කටයුතු සිදුකරමින් ඉදිරියට යා යුතු බවයි.
“මට ආය මේ රට භාරගන්න බෑ. හැමවෙලාවේම බලය නෑ. බලය අතඇරලා විපක්ෂයේ ඉඳන් බලය අල්ලන්න ඕන,” යනුවෙන් ඔහු එහිදී ප්රකාශ කර තිබේ.
තමන් ජනාධිපති ධුරය දැරූ සමයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් රනිල් වික්රමසිංහ මහතා, දේශපාලන බලය ස්ථිර දෙයක් නොවන බව පෙන්වා දී ඇත.
එමෙන්ම ඉදිරි දේශපාලන කටයුතුවලදී විපක්ෂයේ සිට කටයුතු කරමින් රටේ දේශපාලනය නැවත ගොඩනැගීම සඳහා අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.




