
එයාර්බස් සිද්ධියට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
ඒ අනුව, සැකකාර නාමල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ පහක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබෙනවා.
එමෙන්ම, නාමල් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙස ද නියෝග කර තිබේ.
මීට අමතරව, නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ද මහේස්ත්රාත්වරයා විසින් සැකකරුට ඇප කොන්දේසියක් පනවා ඇත.




