
මත්ද්‍රව්‍ය ඇසුරුම්කර බෙදාහැරී සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘DJ චතූ’ නමැත්තා කුලී පදනම පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍ර දේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය ඊයේ (25) සවස වටලා තිබේ.
එහිදී එම නිවස තුළ තිබී හොරයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක්, එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි හා ඒවා මුද්‍රණයට යොදා ගැනීමට නියමිත විශේෂිත කඩදාසි තොගයක්, කඩදාසි කපන යන්ත්‍රයක් සොයාගෙන ඇත.
තවද එම නිවස තුළ සවිකර තිබූ කැමරා පද්ධතිවල මෙමරි කාඩ්, ජංගම දුරකථන 3ක් හා රන් ආලේපිත ස්වර්ණාභරණ තොගයක් ද පොලිස් භාරයට ගැනුණි
මෙම නිවස කුලී පදනම මත ලබා ගත්තද නිරතුරුම වසා තිබෙන බවත්, එය සැකකටයුතු බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට රහසිගත තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතා, නිලධාරීන් කණ්ඩායමක් යොඳවා අදාළ නිවස පරීක්ෂා කර ඇත.
එහිදී අනාවරණය වී ඇත්තේ විදේශ ගතව සිටින මහා පරිමාණ මත් ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙයවන රන්දික නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයකු වන ‘ Dj චතු’ නමැත්තා සිය අනියම් බිරිඳ සමග මෙම නිවස මාසිකව රු. 70,000 මුදලකට කුලී පදනම මත ලබාගෙන පදිංචිව සිට ඇති බවය.
ඒ සම්බන්ධයෙන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර, සෝදිසි වරෙන්තුවක් ලබාගෙන අදාළ නිවස වැටලීමට ලක්කර ඇත.
එහිදී සිදුකළ සෝදිසි කිරීමේදී නිවසේ කාමරයක විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශ රටවල සිටින පුද්ගලයන් හා සෘජුවම සම්බන්ධ විය හැකි ලෙස සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර තිබෙන අයුරු නිරීක්ෂණය කර ගැනීමට පොලිසියට හැකිවී තිබේ.
තෙමහල් නිවසේ පහත මහලේ සිට ඉහළ මහල දක්වා ස්ථාන ගණනාවකට, නිවස තුළ හා පිටත පෙනෙන අයුරින් CCTV කැමරා සවිකර, ජංගම දුරකථන හරහා අධීක්ෂණය කිරීමේ හැකි අයුරින් එම කැමරා පද්ධති සකස් කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.
පොලිස් භාරයට ගත්තා රන් පැහැති ආභරණ පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒවා රන් භාණ්ඩ නොවන බවට අනාවරණය වීමෙන් අනතුරුව ඒවා චතු නැමැත්තාගේ මවට බාරදීමට කටයුතු කර තිබේ.
කෙසේ නමුත් සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




