
ආසියාවේ විශාලතම ළමා රෝහල වන බොරැල්ල රිජ්වෙ ආර්යා ළමා රෝහලහි යාවත්කාලීන වූ නිල වෙබ් අඩවියට අනුව ජීවිතාරක්ෂක (viral) සහ ඉතා වැදගත් අත්යවශ්ය (Essential) ඖෂධ කාණ්ඩ හතළිහක්ද, ශල්ය උපකරණ හැටකට ආසන්න ප්රමාණයක්ද රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්ය කරන රණ සහ අමු ද්රව්ය 25 කට ආසන්න ප්රමාණයක්ද පරිත්යාග ලෙස ලබාදිය හැකි බවට ප්රදර්ශනය කොට ඇති බව නිරීක්ෂණය වන බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

සාමාන්ය තත්ත්වය යටතේ වෛද්ය සැපයුම් මේකකය මගින් අඛණ්ඩ සැපයුමක් පවතින කිසිදු ඖෂධයක් හෝ ශල්ය උපකරණයක් හෝ රසායන ද්රව්යයක් මේ අන්දමට පරිත්යාග ලෙස ඉල්ලා සිටිය නොහැකි බවත් මේ අනුව මෙතරම් විශාල ඖෂධ හා ශල්ය උපකරණ ප්රමාණයක් පරිත්යාග ලෙස ඉල්ලා සිටීම ගැන සෞඛ්ය අමාත්යාංශය පුළුල් අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
ජාතික රෝහලක නිල වෙබ් අඩවිය දෛනිකව යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්ය අමාත්යාංශ ඩිජිටල්කරණය යටතේ විශාල පිරිවැයක්ද වියදම් කරන බැවින් මෙම තොරතුරු යාවත්කාලීන වූ සත්ය තොරතුරු ලෙස ජනගත වන බැවින් මේ අන්දමට සැලකිය යුතු ඖෂධ හිමියක් හා ශල්ය උපකරණ හිඟයක් ළමා රෝහල තුළ පවතින්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවද ඔහු සඳහන් කරයි.
බොරැල්ල රිජ්වෙ ළමා රොහල් නිල වෙබ් අඩවියට අනුව ඊයෙ උදෑසන වන විට පහත ඖෂධ හා ශල්ය උපකරණ දානපති පරිත්යාග ලෙස ලබාදිය හැකි බව සඳහන් කොට තිබිණි. එහි ඖෂධ කාණ්ඩ 40 ක්ද ශල්ය උපකරණ 60 ක්ද රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්ය කරන අමු ද්රව්ය 25 ක ලැයිස්තුවක්ද සඳහන් කොට තිබිණි.
ඒවායින් ප්රමුඛව හිග ඖෂධ හා ශල්ය උපකරණ අතර
Cyclosporine
Melatonin
Flucloxacillin
Biotin
Clonidine
Calcium
Vit D
Oxybutynine
Caphalexin
Atomoxatin
Cholecalciferol
Sodium Valporate
Clobazam
යන ඹෘෂධද ඇතුළත්ව ඖෂධ කාණ්ඩ හතලිස් එකක්ද
JJ stent
Thoracic Drainage
Polypropylene
Feeding tubes
Urine catheter
Silk
Laryngeal masks
Diathermy pads
Glyconate mono filament
Femoral artery
Silk round body
Hard plaster of Paris
ඇතුළු ශල්ය උපකරණ 61 ද,
රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්ය කරන උපකරණ හා උපාංග 25ක් ද මෙම ලැයිස්තුවට අඩංගු ය.
මෙම ළමා රෝහලට පරිත්යාග ඉදිරිපත් කිරීමට කැමති දානපතියන්ට රෝහල හරහා වැඩි තොරතුරු ලබා ගැනීමට හැකිය.




