
ශ්‍රී ලංකාවේ පැවත්වෙන ඔලිම්පික් නිලවරනය සම්බන්ධ කටයුතුවලදී මේ වන විට දේවා හෙන්රි,අසංග සෙනවිරත්න සහ සුරේෂ් සුබ්‍රමනියම් ඔවුන්ට විරුද්ධව අදහස් ලියන මාධ්‍යකරුවන්ගේ රැකියා අහිමි කිරීමට,එම මාධ්‍ය හිමිකරුවන්ට කතා කරන තරමට වියරු වැටී ඇති බව දැන ගන්නට ඇත.මාධ්‍ය විසින් කරන ලද මෙහෙයවීම් නිසා සුරේෂ් සුබ්‍රමනියම් සිය ආචාර ධාර්මික කමිටු යොදවා ඇතැම් අපේක්ෂකයින්ගේ ඉදිරිපත්වීම වැළක්වීමට ගත් උත්සාහයන් සිතූ තරම් පහසු නොවුණු අතර ඒ නිසාම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ද අවධානය ඊට යොමු වී ඇත.ඔවුන් ද ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටුවේ ආචාර ධාර්මික කමිටුවේ වැඩ පිළිවෙල ගැන අනතුරු ඇඟවීමක් කර ඇත.මේ නිසා ඔවුන්ගේ සැළසුමේ තිබුණු පරිදි ජස්වර් උමාර් සහ ශිරන්ත පීරිස් වැන්නන්ගේ අපේක්ෂකත්වය වැළක්වීමට තිබුණු සැළසුම් ව්‍යවර්ථ වී ඇති බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ඇත.

අසංගට එල්ලවන චෝදනා විශාල ප්‍රමාණයක් ඇත.ඒ සමහර දේවල් දේශපාලනිකය.ඒ සබඳතා හරහා කළ බවට සැක කරන ඒවාය.එයින් ක්‍රීඩාව සම්බන්ධ දේ ගතහොත් අසංග සෙනවිරත්න ෆීජි ක්‍රීඩකයන් ලංකාවට ක්‍රීඩා කරවීමට සළස්වන ලද රගර් පරිපාලනයේ සභාපතිය.එය ඇත්තය.එසේ ක්‍රීඩා කරවීම නිසා ශ්‍රී ලංකාවට පවුම් 50000 ක් දඩ ගැසුවේය.එයත් ඇත්තය.එසේ වැරදියට ක්‍රීඩා කරවීමටනම් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතුය.වැරදියට ලිපි ලේඛණ සකස් කළ යුතුය.එම වරදද කර ඇත.නැත්නම් දඩ ගසන තරමේ වරදක් කරන්නට නොහැකිය.
ඉන් අනතුරුව කළේ මේ දඩ මුදල ජාත්‍යන්තර සම්මේලනයට දන්වා ශ්‍රී ලංකාවේ රගර් සංවර්ධනයට ලැබෙන මුදලින් අඩු කර ගැනීමය.මේ සඳහා ශ්‍රී ලංකාව සහ ලෝක සම්මේලනය අතර සිඳු වූ විද්‍යුත් ලිපි හුවමාරුවට වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක ද සම්බන්ධය.මේ තත්ත්වය නිසා අසංගට දිගට එම තනතුරේ සිටීමට අවශ්‍යය ප්‍රසාදය නැති විය.මන්ද ව්‍යවස්ථානුකූලව වැඩි බර තිබුණු පළාත් සංගම්වලට සංවර්ධන අරමුදලේ මුදල් හිඟ වීම නිසා සිඳු වූ පාඩුව නිසා ඔවුන් අසංගව පිළිගත්තේ නැත.මේ අවස්ථාවේදී අසංගට හොඳින් දේශපාලන රැකවරණ තිබිණ.එහෙත් රගර් සභාපතිකම අහිමි වීම නිසා ඔහුගේ ජාතික ඔලිම්පික් කමිටුවේ තිබූ උප සභාපතිකමට බරක් නැති විණ.
අසංගට යළි මේ තත්ත්වය උදා කර ගන්නට හැකි අන්දමට සහ ඒ මොහොතේ ඔලිම්පික් කමිටු තනතුරේ රැඳෙන්නට අවශ්‍යය බේස්බෝල් උප සභාපතිකම ලබා දී ඇත්තේ ද සුරේෂ්ගේ මැදිහත්වීම මතය.ඒවා නැවත රගර්වලට ඇතුළත්වීමට අවශ්‍යය පරිදි වත්මන් අමාත්‍යවරයා ද ජාත්‍යන්තර උවමනාව සේ පෙන්නා අන්දා රගර් ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමේ ව්‍යායාමයේ සුරේෂ් සිටීම ගැන අසංගම තැන තැන කියා ඇවිදපු කතාය.
මහින්ද රාජපක්ෂලාගේ සමීපතම දේශපාලන හිතවතෙකු ලෙස අසංග, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනමට ද සම්බන්ධය.වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා ඒකනායකකරණය වෙන්නට ප්‍රථම දියගමදී බෙදා දුන් මහින්ද රාජපක්ෂ ක්‍රිඩා පදනම සහ ඒවායේ වැරදිවල දිග පළල ගැන කියමින් බෙදා දුන් සටහන්වලද අසංග සාමාජිකයෙක් ලෙස සිටියේය.මුලදී අවශ්‍යය ක්‍රියාමාර්ග නොගැනීම නිසා අසංගට ආසියානු සභාපතිගේ හිතවත්කම යොදා ගෙන එහි තනතුරකට යාමට හැකි විය.ෆීජී ක්‍රීඩකයන් ක්‍රීඩා කරවීම නිසා ඇති වූ අපකීර්තිය සම්බන්ධයෙන් වන චෝදනා තවමත් විභාග කරන පාටක් නැත.ක්‍රීඩාවට හෙන ගැහුවත් කමක් නැහැ කියා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සිතනවා වන්නට පුළුවන්ය.සිතීම කෙසේ වෙතත් වැඩේ වී නැත.
එසේම රගර් පරිපාලනය වියදම් සම්බන්ධයෙන් නිසි කරුණු නොපෙන්වා මිලියන 35 ක් ණය කළ බවට ද අල්ලස් හෝ දූෂණ විමර්ශන ආයතනයට කරුණු යොමු කර ඇත.එහෙත් ලංකාවේ ක්‍රීඩාව ඒකනායකකරණීය වීම නිසා ද මේ ආණ්ඩුව යටතේ ද ඒවා අදාළ ආයතනවල පතුලටම දමා ඇත.ඒ නිසා මෙවැනි විශාල කරුණු අනුව සුරේෂ්ලා අටවාගත් ආචාරධාර්මික කමිටුව කරමින් සිටින්නේ අසංගලාට පහසුවෙන්න ඒ හරහා ප්‍රතිවාදි ප්‍රබල අපේක්ෂකයින් ඉවත් කිරීමට උත්සාහ කිරීමය.
එසේම වැදගත්ම කාරණය වන්නේ අසංගට මේ මොහොතේ නිලවරණයට ඉදිරිපත්වන සංගමය වන බේස්බෝල් සංගමයේ හිටපු විධායක නිලධාරියා ද බේස්බෝල් සංගමයේ අකාර්යක්ෂම භාවය සම්බන්ධයෙන් සහ වංචනිකභාවය සම්බන්ධයෙන් ක්‍රිඩා අමාත්‍යවරයාටම කරුණු දන්වා සිටීමය.ඉකුත් වසරේ කිසිඳු දේශිය තරගාවලියක් බේස්බෝල් ක්‍රීඩා සමාජය විසින් සිඳු කර නැත.එසේම බේස්බෝල් සංගමයේ විද්‍යුත් ලිපිනය මඟින් යවන ලද ඇතැම් ලිපි මකා දමා ඇත.එය ටක්කෙටම ෆිජි ක්‍රීඩකයින් වෙනුවෙන් වැරදි ලේඛණ සකස් කිරීම හා සම්බන්ධ වන්නේය.
මේ කිසිවක් ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධාර්මික කමිටුවලට යොමු වන්නේ නැත.අදාළ කර ගන්නේ ද නැත.අඩුම තරමේ මේ සංගමයේ උප සභාපතිවරයා ලෙස රැඳෙමින් නාම යෝජනා භාර දෙන දේවා හෙන්රි නිවර්ථන කළාපීට රටක් වන ශ්‍රී ලංකාවේ හිම මත ලිස්සා යාම වැනි ඉසව්වක් අයත්වන ක්‍රීඩා සංගමයක් නියෝජනය කිරීම කෙතරම් තාර්කිකද යන්නවත් මේ නිලවරණ කමිටුවවත් තීරණය කරන්නේනම් වැදගත්ය.
නිවර්ථන කළාපීය රටක් නියෝජනය කළ හැකි හිම පතිත වන රටක සිටින ලාංකේය සම්භවයක් සහිත පිරිස් සඳහා මෙවැනි ක්‍රීඩා සංගම් වැදගත් නැත්තේ නැත.එහෙත් අඩුම තරමේ විදෙස්ගත ලාංකිකයන් අතරවත් ප්‍රචලිත නොකර ඉතා සුළු වපසරියක නිලධාරීන්ට පැවතීම සඳහා මේ ක්‍රීඩා සංගමය පවත්වාගෙන යන බව පැහැදිළිය.එහි ව්‍යහුයමය වෙනස් කමක් කිරීමට මේ දක්වා ඔලිමිපික් කමිටුව හො එම සංගමය පියවර ගෙන නැති අතර එහි සිටින නිලධාරීන් ජාතික ඔලිම්පික් කමිටුව හරහා ලෝකයේ පවතින සංචාරවලට සහභාගිවීම පමණක් හොඳින්ම කරගෙන යනු ලබයි.
ඉතිං එවැනි අවස්ථාවක ඔලිම්පික් නිලවරණය යනු අපේක්ෂකයන්ට සම අවස්ථා ඇති තැනක් නොවේය.මැක්ස්වෙල් වැනි අය ඉවත් කර අති පිරිසිදු පෙණුමකින් බැබලෙමින් සිටි සුරේෂ් සුබ්‍රමනියම් අන්තිම තත්පරයේ ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්ට කතා කර මාධ්‍යවේදීන්ගේ වෘත්තියට බලපෑම් කරමින් සහ එම රැකියා අහිමි කරමින් වැඩ කරන ආකාරයට ඔහු අනුන්ට ඇඟිල්ල දික් කරනු ලබන ඉස්සෙකි.එසේ නොවන්නේම් ඔලිම්පික් ක්‍රීඩාවක් වන රගර් ක්‍රීඩාවේ ඉතිහාස අපරාධ සුරේෂ්ලා නොසළකා හරින්නේ නැත.ලංකාවේ ලොකුම ක්‍රීඩා දඩයට මුහුණ දීමට රගර් ක්‍රීඩාවට පාර කැපූ අපේක්ෂකයාට කිසිඳු චෝදනාවක් නැතුව ඉදිරිපත් වීමට දෙමින්,ඊට වඩා බරින් අඩු චෝදනා ඇති පිරිස් වෙත ආචාර ධාර්මික කමිටු යැයි තීරණ පෙන්වමින් තැති ගැන්මක් ඇති කරන්නේ නැත.




