
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ දහයක අල්ලසක් ලබාගැනම සම්බන්ධයෙන් මෙම නඩුවෙන් චෝදනා එල්ල කර ඇත.
අල්ලස් පනත යටතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.




