
Foundation of Goodness වෙතින් ලැබුණු සහයෝගය සමඟ සිය ජැවලින් ක්‍රීඩා ගමන ඉදිරියට ගෙන ගිය රුමේෂ් තරංග, ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක 1 ස්ථානයට පත්වීමට සමත්ව තිබේ.

ලෝක මට්ටමේ ක්‍රීඩකයකු බවට පත්වෙමින්, තනි පුද්ගල ක්‍රීඩා ඉසව්වකින් ලෝකයේ අංක 1 ස්ථානය හිමිකරගත් රුමේෂ් තරංගගේ සුවිශේෂී ක්‍රීඩා ගමන Foundation of Goodness විසින් සමරනු ලබයි.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස Foundation of Goodness විසින් හඳුන්වා දෙන අතර, එය සමස්ත ශ්‍රී ලංකාවටම ආඩම්බර විය හැකි අවස්ථාවක් බවද පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, පසුගිය වසරක පමණ කාලය තුළ රුමේෂ් සහ ඔහුගේ පවුල Foundation of Goodness සමඟ පවත්වාගෙන ආ සම්බන්ධතාවය පිළිබඳව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකිය.
රුමේෂ්ගේ දැක්ම සහ ඔහු සතු හැකියාව හඳුනාගැනීමෙන් අනතුරුව, ඔහුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අනුග්‍රාහකත්වය සහ ආයෝජනය ලබා දෙමින් Foundation of Goodness ඔහුට සහයෝගය ලබා දුන්නේය. එහි අරමුණ වූයේ රුමේෂ් සහ ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න විසින් තබාගත් අභිලාෂකාමී ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට ඔහුට අවශ්‍ය සහය ලබා දීමයි.
ඔහුගේ පියා වන තුෂාර පතිරගේ ද මෙම ගමනේ කොටස්කරුවෙකු වී ඇත.
රුමේෂ් මේ වන විට එම ඉලක්කය කරා යන මාර්ගයේ සාර්ථකව ඉදිරියට යමින් සිටින අතර, එක් ක්‍රීඩකයෙකු සතු අසාමාන්‍ය දක්ෂතාව ලොවටම පෙන්වා දෙමින්, ජැවලින් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම ස්ථානයට රැගෙන ගොස් ඇත.
ඔහුගේ ජයග්‍රහණ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉමහත් සතුටක් මෙන්ම ආශ්වාදයක්ද ලබා දී තිබේ. ඔහුගේ ගමන තුළින්, තමන් මුහුණදෙන අභියෝග නොතකා, තමන්ටද ක්‍රීඩා ක්ෂේත්රයේ විශිෂ්ටත්වය කරා ළඟා විය හැකි බවට බලාපොරොත්තු සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශ්වාසයක් ලබා දෙයි.
රුමේෂ් තරංග මේ වන විට Foundation of Goodness සමඟ එක්ව, ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම සඳහා Goodness Ambassador කෙනෙකු ලෙසද කටයුතු කරයි.
ඔහුගේ ගමන තුළින් රුමේෂ් විශ්වාස කළ ප්‍රබල වචන දහය ද සිහිපත් වේ:
“If it is to be, it is up to me!”
“එය සිදුවිය යුතු දෙයක් නම්, එය සිදු කිරීම මා සතු වගකීමකි!”




