
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය මත ඉදිකළ “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතව තිබේ.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් අනුරාධපුරයේ මෙම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපිත කර ඇත.
එම පද්ධතිය මෙගාවොට් 10ක ධාරිතාවකින් සමන්විත වන අතර, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවන විදුලිය කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට එය දායක වනු ඇත.
මේ අතර, පුනර්ජනනීය බලශක්තිය ඔස්සේ විදුලි උත්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව ජලාශය මත ඉදිකර ඇති “දියජනනි” පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය ද අද පස්වරුවේ ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.
මෙම පාවෙන සූර්ය බලශක්ති පද්ධතිය මගින් මෙගාවොට් 5ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර, එමගින් නිවාස 10,000කට පමණ අවශ්‍ය විදුලි බලය සැපයීමට හැකි වනු ඇත.
මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක වීමත් සමඟ මෙරට පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීමට සහ විදුලි පද්ධතියේ විශ්වසනීයත්වය වැඩි කිරීමට නව අවස්ථා උදාවනු ඇත.




