
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතුව ඇති වංචා චෝදනා හමුවේ සමස්ත කැබිනට් මණ්ඩලයම වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අවධාරණය කරයි.

අපගේ WhatsApp චැනලය Follow කරන්න
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ දූෂණ චෝදනා එල්ල වන තුරුත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සමීපතම මිතුරෙකු වන කුමාර ජයකොඩි මහතාව ආරක්ෂා කිරීමට කටයුතු කළ බවයි.




